Monday 2nd of February 2026

English Tamil
Advertiesment


ශ්‍රී ලංකා ගුවන් සමාගමට කජු සංස්ථාවේ කජු නැවතත්..!


2018-09-28 14331

ශ්‍රී ලංකා ගුවන් සමාගම නැවතත් ශ්‍රී ලංකා කජු සංස්ථාවෙන් කජු මිලදී ගැනීමට තීරණය කර ඇත.

කජු සංස්ථාවේ සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පැවසුවේ ගුවන් සේවයට ශ්‍රී ලංකා කජු සංස්ථාවෙන් කජු සැපයීමේ කටයුතු ආරම්භ කිරීමට මේවන විට සියලු කටයුතු යොදා ඇති බවයි.

2016 වසර වනතුරු ශ්‍රී ලංකා ගුවන් සමාගමට ශ්‍රී ලංකා කජු සංස්ථාවෙන් කජු සැපයු අතර පසුව ශ්‍රී ලංකා කජු සංස්ථාවේ කජු මිල අධික යැයි පවසා ගුවන් සමාගම ඩුබායි වලින් කජු ලබා ගැනීමට යාම හේතුවෙන් කජු ප්‍රශ්නය ඇති වූ බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

තවද අනෙකුත් රටවල කජු මෙන් නොව ශ්‍රී ලංකාවේ කජු ප්‍රණීත රසයෙන් යුක්ත වන බවත් මෙරට ප්‍රධාන පෙළේ තරු පහේ හෝටල් සහ රාජ්‍ය ආයතන මිලදී ගන්නේ සංස්ථාවේ කජු බවත් දම්සිරි කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ගුවන් සේවය සංස්ථාවේ මිල ගණන්වලට එකඟ වූ පසු නැවත කජු සපයන බවද  දම්සිරි කරුණාරත්න මහතා සඳහන් කළේය.

 
Advertiesment